Posts

සුරංගනා කතා

Image
 *සුරංගනා කතාවක් 💝💫* *(කෙටි කතාවකි)* 💫Dream 💞 ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පිරිමි ළමයෙක් හිටියා. හැම අතින්ම සාමන්‍ය පිරිම ළමයෙක් වුන මේ පිරිමි ළමයාගේ නම ඩ්‍රීම්.  ඩ්‍රීම් ගේ තිබ්බ එකම වෙනස එයා ජීවත් වුනේ සිහින ලෝකෙක.ඔව් එයාම හදාගත් අලුත්ම මානයක. සුරංගනාවියෝ,සුර දුතයෝ, මල් උයන් පිරුණු ලස්සන සිහින ලෝකෙක. එයා තනියම හිටපු හැම වෙලාවකම එයා එයාගේ සිහින ලෝකෙට එබිකම් කරන්න අමතක කරේ නෑ . ඩ්‍රීම් සිහින ලෝකෙට කොච්චර ඇබ්බැහි වුනාද කියනවා නම් එයා නින්දේදී පවා එයාගේ මෙහෙයවීමකින් තොරවම සිහින ලෝකේ සැරි සරන්න එයාට පුලුවන් වුනා. එයාගේ සිහින වලදී එයාට හැමදාම හම්බුන සුරංගනාවියක් හිටියා. ඒ සුරංගනාව ඩ්‍රීම් ට ගොඩාක් ලංවුනා. ඩ්‍රීම් පොඩි කාලේ එයාගේ සිහින ලෝකය අනික් අයගෙන් එයාව වෙනස් කරේ නෑ .එත් එයා තරුණ වයසට එද්දිම එයාගේ ලොකු වෙනසක් පෙනුනා. එයාගේ යාලුවෝ එලියට ගිහින් සෙල්ලම් කරද්දී ඩ්‍රීම් කවි ලිව්වා කතන්දර ලිව්වා. එයාගේ යාලුවෝ තරුණ ගෑනු ළමයි හබා යද්දී එයා එයාගේ සුරංගනාවී එක්ක තනිවුනා. ප්‍රේමයෙන් පැරදිලා එයාගේ යාලුවෝ ගොඩක් වෙලාවට දුක් වුනත් කවදාවත් අහිමි නොවන ප්‍රේමයක සතුට විදින ඩ්‍රීම් ගේ ම...

FB ආදර කථා

Image
 "සිදූ" එකේ තෙරුණි අවසානෙට "සමනළ සංධ්වනියේ" ආදීශට ඉගියෙන් හා කියනවා මෙන්න sep 10, 2021 ලස්සන සිංදුව ගායනා කරන්නේ "සමනළ සංධ්වනිය" චිත්‍ර පටයෙන් රංගන දක්ෂතා පෙන්නපු වාදීශ එහෙමත් නැත්තන් "Soorya Dayaruwan" ඒ වගේම මේ සිංදුවට කාගෙත් හිත් ඇදිලා යන විදියේ ලස්සනම ලස්සන වීඩීයෝ එකකුත් කරලා තියනවා.. ඔයාලත් බලලම කියන්නකො කොහොමද කියලා READ MORE මුණ ගැහුම!! මුණ ගැහුම!! අපේ අක්ක කසාද බඳින්නෙ මං O/L පාස්වෙලා A/L කරන්ට ගත්තු හැටියෙ.මං O/L අහවර වෙච්චි හැටියෙ ගෙදරට ගෑනු පරාණයක් උස්සන් ඒවි කියන සාධාරණ සැකය නිසා දෝ කොහෙද අම්මල විග විගහටම අක්කණ්ඩිගෙ මගුල ඉස්සර කරා.ඉතිං ඔන්න ඔය විදියට ඒකත් ජයසිරි මංගලං කියල 2012 අවුරුද්දෙ මාර්තු 18 වෙනිද දෙයියංගෙ නාමෙන් අපේ මස්සිනා කාරයටත් නාස් ලණුව වැටුන.ඌට නාස් ලණුව වැටුනට මොකද මට රත්තරං මුද්දකුත් හම්බවුණාලු ඉතිං. ඒ දවස්වල අපිට ගම්පහ ක්ලාස් තිබුණෙ ඉරිද දවසෙ.අර කලින් පෝස්ටුවකින් කියපු පස්ට් ලවු එකත් එක්ක තමයි clike වැස්ස එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එ...

නව කතා එකතුවකී

Image
#සුදු මැණික # "සුදු මැණික නැගිටින්න.පුතේ අද නේද පරීක්ෂණයක් තියෙනවා කිව්වේ" "අනේ අම්මා තව චුට්ටක් දොයියන්න දෙන්නකෝ" කෙල්ල හුරතල්ව කීවාය. තව දුරටත්

සැබෑ ආදරයට සිමා මායිම් නොමැති බව ඔප්පු කෙරූ ආදර කතා 10ක්

Image
 ඔබ ඇත්තෙන්ම කෙනෙකුට ආදරය කරනවානම් ඇයව/ඔහුව ඔබට නිරන්තරයෙන්ම ලස්සනටයි පෙනෙන්නේ. එයා ඔබේ එහා පැත්තෙන් කොන්ඩේ අවුල් කරගෙන කෙල පෙරාගෙන නිදියගෙන ඉන්නවා දැක්කත් ඒකේ වෙනසක් නෑ. කාලයත් එක්ක නැතිවෙලා යන සබඳතා වාගේ නෙවෙයි;” සැබෑ ආදරය” ඔබ බාධක වලට මුහුණ දෙන වාරයක් පාසා ශක්තිමත් වෙනවා;අලුත් වෙනවා. මේ ගැන ඔප්පු කරන්න අපට විද්‍යාත්මක සිද්ධාන්ත නැති වුණත් , කාලායගේ පරීක්ෂණයෙන් සමත් වී , එකිනෙකාව ආරක්ෂා කරගනිමින් ඒ අය වෙනුවෙන් පෙනී සිටිමින්,මේ කාරණව සත්‍යක් යයි ඔප්පු කල පෙම්වතුන් අපේ සමාජයේ සිටිනවා. සැබෑ ආදරය ගැන කතාකරද්දී ලෝකයේ ඒවගේ ලස්සන ආදර කතාවක් තියෙන පෙම්වතුන් කිහිප දෙනෙකු ගැන ඔයාලට කියන්න ඕන කියල අපි හිතුවා. පහත නම clike කර වැඩි විස්තර ලබා ගන්න 1. “ Little_People-Big_World_Star ” යන ඇමෙරිකානු වැඩසටහන හරහා ටෙලිවිෂන් තරුවක් වූ Amy විසින් Chris_Marek සමඟ පෙම් සඹඳතාව අරඹන විටත් ඇය සිවු දරු මවක් මෙන්ම මුණුපුරන්. දෙදෙනෙකුගේ මිත්තණියක් ද වූවාය. වසර 3 කට වඩා වැඩි කාලයක් පැවති මෙම පෙම් සබඳතාවය අවසානයේ දී ක්‍රිස් ඇයව පුදුමයට පත් කරවමින් ඇයට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ වන විටත් 52 හැවිරිදි වියේ පසු වු...

සදු මැනික

 මේ මගේ පළමු කෙටිකතාව . කියවලා වැරදි අඩුපාඩු තියෙනවානම් කියන්න යාලු #සුදු මැණික# "සුදු මැණික නැගිටින්න.පුතේ අද නේද පරීක්ෂණයක් තියෙනවා කිව්වේ" "අනේ අම්මා තව චුට්ටක් දොයියන්න දෙන්නකෝ" කෙල්ල හුරතල්ව කීවාය. ඇය හිමායා සදමිණි කරුණාරත්න.උසස් පෙළ විභාගය අවසන් කොට ගෙදරට වී සිටින ඇය පත්තරයේ තිබු ඇබෑර්තුවකට කතා කොට සම්මුඛ පරීක්ෂණය සදහා යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටියාය. "පුතේ ඉක්මනට ලෑස්ති වෙන්න නැගිටලා.පරක්කු වෙයි සුදු මැණික" කෙල්ල හනි හනිකට තද නිල් පාටට හුරු සාරියක් පටලවගෙන,ඉනට පහළින් ඇති දිගු කෙස් කළඹ එක පොකුරට අල්ලා කට්ටක්ද ගසා රෝස පාට ලිප්ස්ටික් කූරකුත් කටේ අතුල්ලගෙන එළියට බැස්සේ පරක්කු වී ඇති හෙයිනි. "අම්මා මම ගිහින් එන්නම්" කෙල්ල දණ නමා අම්මාට වැන්දාය "දළදා සමිදු පිහිටයි මගේ මැණිකට" තේ කඩේ ගාව රන්දිය අයියා ඇති අම්මේ.මට ටවුමට ඇරලගන්න පුලුවන් වෙයි"" පරිස්සමින් ගිහින් එන්න දරුවෝ" 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 "රන්දිය අයියේ,,රන්දිය අයියේ.."කොල්ලා හැරිලා බැලුවේ කවුද මේ මොණර පැටික්කි කියන අදහසිනි. ඔහු රන්දිය දහම් රණසිංහ.ගමේ තේ ක...