සුරංගනා කතා
*සුරංගනා කතාවක් 💝💫* *(කෙටි කතාවකි)* 💫Dream 💞 ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පිරිමි ළමයෙක් හිටියා. හැම අතින්ම සාමන්‍ය පිරිම ළමයෙක් වුන මේ පිරිමි ළමයාගේ නම ඩ්‍රීම්. ඩ්‍රීම් ගේ තිබ්බ එකම වෙනස එයා ජීවත් වුනේ සිහින ලෝකෙක.ඔව් එයාම හදාගත් අලුත්ම මානයක. සුරංගනාවියෝ,සුර දුතයෝ, මල් උයන් පිරුණු ලස්සන සිහින ලෝකෙක. එයා තනියම හිටපු හැම වෙලාවකම එයා එයාගේ සිහින ලෝකෙට එබිකම් කරන්න අමතක කරේ නෑ . ඩ්‍රීම් සිහින ලෝකෙට කොච්චර ඇබ්බැහි වුනාද කියනවා නම් එයා නින්දේදී පවා එයාගේ මෙහෙයවීමකින් තොරවම සිහින ලෝකේ සැරි සරන්න එයාට පුලුවන් වුනා. එයාගේ සිහින වලදී එයාට හැමදාම හම්බුන සුරංගනාවියක් හිටියා. ඒ සුරංගනාව ඩ්‍රීම් ට ගොඩාක් ලංවුනා. ඩ්‍රීම් පොඩි කාලේ එයාගේ සිහින ලෝකය අනික් අයගෙන් එයාව වෙනස් කරේ නෑ .එත් එයා තරුණ වයසට එද්දිම එයාගේ ලොකු වෙනසක් පෙනුනා. එයාගේ යාලුවෝ එලියට ගිහින් සෙල්ලම් කරද්දී ඩ්‍රීම් කවි ලිව්වා කතන්දර ලිව්වා. එයාගේ යාලුවෝ තරුණ ගෑනු ළමයි හබා යද්දී එයා එයාගේ සුරංගනාවී එක්ක තනිවුනා. ප්‍රේමයෙන් පැරදිලා එයාගේ යාලුවෝ ගොඩක් වෙලාවට දුක් වුනත් කවදාවත් අහිමි නොවන ප්‍රේමයක සතුට විදින ඩ්‍රීම් ගේ ම...