සුරංගනා කතා


 *සුරංගනා කතාවක් 💝💫*


*(කෙටි කතාවකි)*

💫Dream 💞


ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පිරිමි ළමයෙක් හිටියා. හැම අතින්ම සාමන්‍ය පිරිම ළමයෙක් වුන මේ පිරිමි ළමයාගේ නම ඩ්‍රීම්. 

ඩ්‍රීම් ගේ තිබ්බ එකම වෙනස එයා ජීවත් වුනේ සිහින ලෝකෙක.ඔව් එයාම හදාගත් අලුත්ම මානයක. සුරංගනාවියෝ,සුර දුතයෝ, මල් උයන් පිරුණු ලස්සන සිහින ලෝකෙක. එයා තනියම හිටපු හැම වෙලාවකම එයා එයාගේ සිහින ලෝකෙට එබිකම් කරන්න අමතක කරේ නෑ .

ඩ්‍රීම් සිහින ලෝකෙට කොච්චර ඇබ්බැහි වුනාද කියනවා නම් එයා නින්දේදී පවා එයාගේ මෙහෙයවීමකින් තොරවම සිහින ලෝකේ සැරි සරන්න එයාට පුලුවන් වුනා. එයාගේ සිහින වලදී එයාට හැමදාම හම්බුන සුරංගනාවියක් හිටියා. ඒ සුරංගනාව ඩ්‍රීම් ට ගොඩාක් ලංවුනා.

ඩ්‍රීම් පොඩි කාලේ එයාගේ සිහින ලෝකය අනික් අයගෙන් එයාව වෙනස් කරේ නෑ .එත් එයා තරුණ වයසට එද්දිම එයාගේ ලොකු වෙනසක් පෙනුනා. එයාගේ යාලුවෝ එලියට ගිහින් සෙල්ලම් කරද්දී ඩ්‍රීම් කවි ලිව්වා කතන්දර ලිව්වා. එයාගේ යාලුවෝ තරුණ ගෑනු ළමයි හබා යද්දී එයා එයාගේ සුරංගනාවී එක්ක තනිවුනා. ප්‍රේමයෙන් පැරදිලා එයාගේ යාලුවෝ ගොඩක් වෙලාවට දුක් වුනත් කවදාවත් අහිමි නොවන ප්‍රේමයක සතුට විදින ඩ්‍රීම් ගේ මුහුණේ හැමවෙලේම සියුම් මදහසක් රැදිලා තිබුනා.

ඩ්‍රීම් ගේ ජීවිතේ කණපිට පෙරලපු සිදුවීමක් එක දවසක් සිදුවුණා. එදත් ඩ්‍රීම් නින්දට එයාගේ සිහින ලෝකේ අලුත් සවාරියක් යන්න බලාපොරොත්තුවෙන්. ඔව් එදා අලුත් දෙයක් සිද්ධ වුනා හැබැයි ඩ්‍රීම් හිතුවෙවත් නැති දෙයක්.හැමදාම වගේ එයාගේ සුරංගනාවී එයාගේ සිහිනෙට ආවා. වෙනදට වඩා සතුටක් සුරංගනාවී ගේ මුහුණෙන් පෙනුනා. 

නගරේ පල්ලියේ සුර දුතයගේ පිළිරුව පිටි පස්සේ බලන්න ඔයාගේ සිහින හැබෑ කරන දෙයක් හම්බෙයි සුරංගනාවී ඩ්‍රීම් ට කිවා. වෙනදා වගේ වැඩි වෙලා රැදෙන්නේ නැතුව සුරංගනාවී යන්න ගියා. එත් එක්කම ඇහැරුණු ඩ්‍රීම් උදේ වෙනකන් නොඉවසිල්ලෙන් බලන් හිටියා.

උදේම නැගිටලා පල්ලියේ සුර දූත පිළියම පිටි පස්සට ගිය ඩ්‍රීම් ට වීදුරු බදුනක් හම්බුනා. ඒක හදවතක හැඩයට හදලා තිබ්බා. පරිස්සමින් වීදුරු හදවත ගෙදර ගෙනියපු ඩ්‍රීම් වහල තිබුණු හදවත් දෙපැත්තට කරලා විවෘත කරා. එත් එක්කම එයාගේ සිහින ලෝකයේ සුරංගනාවී වීදුරු හදවතෙන් මතුවුණා. තමන්ට හැමදාම ඩ්‍රීම් සමග ඉන්න බැරිවුනත් ටික කලක් හෝ එකට ඉන්න පුළුවන් බවත් වීදුරු හදවත් පරිස්සමින් තියාගන්නා ලෙසත් සුරංගනාවී ඩ්‍රීම් ට කිව්වා. වීදුරු හදවත තමන්ගේ ගෙල මාලයට අමුණා ගත් ඩ්‍රීම් තමන්ගේ හදවත් ලගින්ම තැන්පත් කරගත්තා.

ඔව් එදා ඉදන් ඩ්‍රීම් ගේ ජීවිතේ වෙනස් වුනා. ලස්සන තරුණියක් එක්ක නගරයේ ඇවිදන යන ඩ්‍රීම් කාලෙකින් හැමෝටම සුපුරුදු දර්ශනයක් වුනා. නගරයේ අනෙක් පෙම්වතුන් අතරේ මේ දෙදෙනා කැපී පෙනුනා. ඩ්‍රීම් අතිශයින් කඩවසම් . තරුණිය අතිශය ප්‍රිය මනාපයි. දෙදෙනාටම ගැලපෙන පෙම්වතුන් දෙපලක් විදිහට මේ දෙදෙනා ගැන නගරයේ හැමෝම කතාවුනා. සුරංගනාවක් සදාතනිකව තමාට හිමි කරගත නොහැකි බව දැන දැනත් ඩ්‍රීම් සුරංගනාවට දැඩි සේ පෙම් කරා.

නමුත් එක් දෛවෝපගත දිනයක සියල්ල වෙනස් වුනා. සුපුරුදු පරිදි ඇවිදින්නට ගිය දෙදෙනාට මගදී හමුවුන තරුණයෙක් පිළිබද ඩ්‍රීම් සුරංගනාවී එක්ක රණ්ඩුවක පැටලුනා. ඩ්‍රීම් හැරදා ඒ තරුණයා සමග යෑමට තමාට හිතෙන බව සුරංගනාවී කීවේ විහිලුවට. මෙය සැබෑවට ගත් ඩ්‍රීම් ඇය තමා හැරදා යන බව තමා දන්නා බවත්, ඇයට එසේ කිරීමට නිදහස ඇති බවත්,තමා පිළිබද නොසිතා එසේ යන ලෙසත් ඩ්‍රීම් සුරංගනාවී ට කීවා. 

මේ වචන ඇසී සුරංගනාවී ගේ සිත් කලකිරීමෙන් පිරී ගියා.තමාට ඩ්‍රීම් පෙම් නොකරන බව සිතුවා. ඩ්‍රීම් ගෙන් හදවත ලබාගෙන නැවත සිහින ලොවට යාමට සැරසුණා. නමුත් එක් නිමේෂයකින් සිදු වුනේ සිතුවේවත් නැතිදෙයක්. ඩ්‍රීම් එකවරම බිමට වැටුනා. වීදුරු හදවත බිදී ගියා. සුරංගනාවිය අතුරුදහන් වී ගියා. වීදුරු කැබලි ඇනී ගොස් ඩ්‍රීම් ගේ හදවත පසාරු වී ගොස් ඔහුගේ ප්‍රාණය වාතයට මුසු වුනා. 

නගරයක් මවිත කල ප්‍රේම කතාව නගරයක් මවිත කරමින් එසේ අවසන් වුනා. අවසානයේ පවා මන්දහාසයක් රදවාගෙන සිටි ඩ්‍රීම් ගේ සිරුර පල්ලියේ තැන්පත් කෙරුණා. දින කිහිපයකින් ඒ ස්ථානය මත සුරංගනාවක් හා සුර දූතයෙක් ගේ පිළිරුවක් කවුරුන් හෝ තනා තිබුනා. ඒ පිළිරුව පහල ඩ්‍රීම් ගේ කතාව රචනා වී තිබුනා. සුන්දර ව ගලා ගොස් ශෝකාන්තයකින් අවසන් වූ ඒ පෙම් කතාව දනන් තුඩ තුඩ බොහෝ කල් රැදුනා.

කාලයේ වැලිතලාවට යටවූ ඒ සුන්දර පෙම් කතාව දිනක් සිහිනෙන් පැමිණි සුරංගනාවක් මට කීවා. තමාට හිමි වූ වටිනා දෙයක් කිසි දිනක අහිමි වීමට ඉඩ නොදෙන ලෙස ඇය මට පැවසුවා.


සුරංගනාවක් කී බැවින් සුරංගනා කතාවක් ලෙස නම් කල මේ සැබෑ කතාව මෙසේ නිම වේ. 

 

කතාව කියවල ලස්සනද බලලා ඔයාලාගේ අදහසත් කියාගෙන යන්නකෝ.

කියෙව්වාට ගොඩක් ස්තුතියි.

@sihinaofficial

Comments

Popular posts from this blog

නව කතා එකතුවකී

සදු මැනික

FB ආදර කථා