සදු මැනික

 මේ මගේ පළමු කෙටිකතාව.

කියවලා වැරදි අඩුපාඩු තියෙනවානම් කියන්න යාලු


#සුදු මැණික#


"සුදු මැණික නැගිටින්න.පුතේ අද නේද පරීක්ෂණයක් තියෙනවා කිව්වේ"

"අනේ අම්මා තව චුට්ටක් දොයියන්න දෙන්නකෝ"

කෙල්ල හුරතල්ව කීවාය.


ඇය හිමායා සදමිණි කරුණාරත්න.උසස් පෙළ විභාගය අවසන් කොට ගෙදරට වී සිටින ඇය පත්තරයේ තිබු ඇබෑර්තුවකට කතා කොට සම්මුඛ පරීක්ෂණය සදහා යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටියාය.


"පුතේ ඉක්මනට ලෑස්ති වෙන්න නැගිටලා.පරක්කු වෙයි සුදු මැණික"


කෙල්ල හනි හනිකට තද නිල් පාටට හුරු සාරියක් පටලවගෙන,ඉනට පහළින් ඇති දිගු කෙස් කළඹ එක පොකුරට අල්ලා කට්ටක්ද ගසා රෝස පාට ලිප්ස්ටික් කූරකුත් කටේ අතුල්ලගෙන එළියට බැස්සේ පරක්කු වී ඇති හෙයිනි.


"අම්මා මම ගිහින් එන්නම්" කෙල්ල දණ නමා අම්මාට වැන්දාය


"දළදා සමිදු පිහිටයි මගේ මැණිකට"


තේ කඩේ ගාව රන්දිය අයියා ඇති අම්මේ.මට ටවුමට ඇරලගන්න පුලුවන් වෙයි""


පරිස්සමින් ගිහින් එන්න දරුවෝ"


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"රන්දිය අයියේ,,රන්දිය අයියේ.."කොල්ලා හැරිලා බැලුවේ කවුද මේ මොණර පැටික්කි කියන අදහසිනි.


ඔහු රන්දිය දහම් රණසිංහ.ගමේ තේ කඩේට වී දවස ගෙවන, නමුත් ගුණ යහපත් පුද්ගලයෙකි.ඕනෑම කෙල්ලෙක් වශී වෙන කඩවසම් පෙනුමක් ඔහු සතු වූවාය.ඔහුගේ හිතේ හිමායා කෙරෙහි පිවිතුරු ආදරයක් පැන නැගී තිබුණද ඔහු එය ඇයට කීමට ඉස්සර නොවන්නේ හරි හමන්‍ රස්සාවක් නැති නිසාය.


" අප්පේ...කෙල්ලගේ හැඩ බලාපන්කෝ අද..මොණරියක් වගේ."


"අනේ මේ අයියේ බටර් එපා.මම ඉන්ටව් එකකට යනගමන් පොඩ්ඩක් පරක්කුයි අයියේ.ටවුමට ඇරලන්න පුලුවන්ද"


"සුලු දෙයක්නේ නංගී.නගින්ඩ බයික් එකට යමු"


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"ශානිටා ඉන්ටව් එකට තව ළමයි කීයක් ඉන්නවද?මට නම් එපා වෙලා.ආපු එකෙක්වත් වැඩක් නෑ ශිට්"


"තව එක ගර්ල් කෙනෙක් ඉන්නවා සර්"


"එයාවත් එවනවා.මේ මගුල ඉවරයක් කරන්න රෙද්ද"


ඔහු නමින් අස්විද තේජාන් රාජපක්ෂ.කොටිපති ව්‍යාපාරික රිචඩ් රාජපක්ෂගේ එකම පුත්‍රයා වේ.Construction & Planing company එකේ නව අයිතිකාරයා ඔහුය.පෙනුමෙන් කඩවසම් වුවත් දඩබ්බර චරිතයක් විය.


"Excuse me sir"

"Yes,Come & sit"


අස්විද කෙල්ල දිහා බලන් සිටියේ මීට පෙර කිසි දිනක මෙවැනි ඉටි රූපයක් ඔහු දැක නොමැති ලෙසය.ඇස් දෙකේ සිට කකුල් දෙක දක්වා ඔහු බැලුවේ "කපුටෙකු කේජු කෑල්ලක් ගිල ගැනීමට ගිජු ලෙස බලන් සිටිනා ආකාරයෙනි.


"Excuse me sir මම වාඩිවෙන්නද?"


අස්විද පියවී ලෝකයට පැමිණියේ ඒ වචන ටික ඇසෙනවාත් සමගය.කෙල්ල බයවී සිටින නිසා කෙල්ලගේ රෝස පැහැති කම්මුල් රත් පැහැයට හැරී තිබුණි.


"ඔව් වාඩිවෙන්න කියලා මම එක පාරක් කිව්වනේ.Certificate ටික දෙන්න"


"මීට කලින් කොහේහරි ජොබ් එකක් කරලා තියෙනවාද?"


"නෑ සර්"


" Qulification නම් හොදයි.අද friday.ඔයා Monday ඉදන් වැඩට එන්න.මුලින් වැඩ ටික පුරුදු වෙන්නකෝ.පස්සේ අමාරු වෙන එකක් නෑ."


කොල්ලට ඕන වුණේ ජොබ් එක කෙසේ වෙතත් කෙල්ලව වැඩට ගෙන්න ගන්නයි.


"Thanku sooo much sir"කෙල්ලගේ ඇස් වලින් කදුලු කැට දෙක තුනක් වැටුණේ සතුට වැඩිකමටය.


අස්විදට පිටුපා යන කෙල්ලගේ හැඩ බේරෙන උකුල දෙස කොල්ලා බලා සිටියේ ඇස් පුංචි කරගෙනය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"අයියේ මම ඉන්ටව් එක Select උනා.සදුදා ඉදන් වැඩට එන්න කිව්වා අයියේ"


"බුදු සරණයි මගේ නංගිට.ජොබ් එකට ගියාම මේ අයියාව අමතක වෙයිද දන් නෑ"


"ඇයි ඔයා හිතුවද මම ජොබ් එකට ගියා කියලා මැරිලා ඉපෙදෙනවා කියලා.මැරිලා ඉපදුණත් අයියාව අමතක වෙන් නෑ"..කෙල්ල දගකාරකමින් කිව්වාය.


කෙල්ල වැඩට යන්න පටන් අරන් මාසයකටත් එහා කාලයක් ගතවිය.කෙල්ල හිතුවාට වඩා දෙගුණයක් වැඩියෙන් වැටුපක්ද ලැබිණි.රන්දියත් ටවුන් එකේ අලුත් රැකියාවකට ගිහින් සතියකුත් විය.රන්දිය වැඩට යනගමන් හිමායාවද office එකට අරලවන්න අමතක කළේ නැත.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"සර් මට එන්න කිව්වේ "


"ආ ඔව් හිමායා වාඩිවෙන්න.මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා...මේකයි හිමායා මට ඔයාව දැකපු දවසේ ඉදන් හිතට අමුත්තක් දැනුනා.


"අස්විද තමා හිද උන් පුටුවෙන් නැගිට හිමායා වෙතට ආවේය.


"සර් මගේ අතින් වැරැද්දක්වත්......"


"ශ්......ඔව් ලොකු වැරැද්දක් හිමායා.මොකද මටත් හොරා මගේ හිත ඔයා හොරකම් කරලා"


"අනේ සර්..." කෙල්ලගේ බෝල ඇස් දිලිසෙන්නට 👀 විය.


"මම දුප්පත් කෙල්ලෙක් සර්.මට සර් වගේ කෙනෙක්ට ආදරේ කරන්න බෑ"


"Don't worry baby..ඔයා දැන් කෝටිපති අස්විදගේ එකම රැජිණ.තව දෙයක් අදින් පස්සේ ඔයාට සර් කියන වචනේ තහනම්"අස්විද එසේ කියමින් කෙල්ලගේ නොඉඳුල් දෑත සිපගත්තේය.


සතියක් දෙකක් යන විට කෙල්ල නොදැනීම අස්විදට ආදරේ කරන්න පටන් අරන් හමාරය.නමුත් කෙල්ල අස්විදගේ සෑබෑ ජිවිතයේ තොරතුරු කිසිවක් නොදනී.මීට පෙරද අස්විද දුප්පත් කෙල්ලන්ගේ ජිවිත කිහිපයක් බිලිගෙන ඇත.ඒ අතරින් කිහිප දෙනෙක්ම අස්විද නිසාවෙන් ගැබ් ගත් අතර ඔවුන්ව තර්ජනය කොට බියගන්වා එළවා දමා තිබේ.මුලු රාත්‍රීය පුරාම සමාජ ශාලා තුළ කාලය ගෙවන ඔහු බීමතින් නානාප්‍රකාර ගැහැණුන් සමග හැසිරෙති.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


සුදු මැණික මොකෝ දැන් අර ළමයා කියන්නේ"


"කවුද අම්මා...අස්විද ද?....එයා කියන්නේ තව ටික කාලෙකින් පිළිවෙළක් වෙමු කියලා.හදිසියේ ඕවා කරන්න බෑලූ"


"හ්ම්ම්..බලමුකෝ අපි"


හිමායාගේ අම්මාට ඒ සම්බන්ධය කෙරෙහි එතරම් කැමැත්තක් තිබුණේ නැත."උස අතු අල්ලන්න ගිහින් කෙල්ලට කරදරයක් වෙයිද කියන බය අම්මාගේ සිතේ සැගව රජකම් කළාය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"හිමායා නංගී.පොඩ්ඩක් කතා කරන්න ඕනේ..යමුද පොඩ්ඩක් වෙළ පැත්තට"


"ඇයි රන්දිය අයියේ හදිසියේම."


"එන්නකෝ...යමු"


කෙල්ලගේ ඉනෙන් පහළට තිබූ දිග කලූ කොණ්ඩයට රන්දිය කෙල්ලට වඩා ආදරෙයි.නමුත් දැන් උරහිස දක්වා කෑලී කෑලී කපාගත් ඒ මදිවට පාට කරගත් කොණ්ඩය දෙස බලමින් රන්දියට කෑගහලා අඩන්න හිතුණුවාර අනන්තයි.කෙල්ල දැන් Office යන්නේද ඇගෙන් භාගයක් පෙන්වාගෙනය.රන්දිය මේ පිළිබඳව කිසිවක් නොකීවේ කෙල්ල අස්විදගේ කීමට රැවටී ඇති බැවිනි.රන්දිය අස්විද ගැන සියලුම විස්තර සොයාගෙන හමාරය.


"දැන් අයියට මොනවද කියන්න තියෙනවා කිව්වේ"


"අස්විද ගැන "


"අස්විද ගැන.😞.ඒ මොනවද එයා ගැන ඔයාට කියන්න තියෙන්නේ"


"එයා එච්චර හොද කෙනෙක් නෙවෙයි නංගී.එයා කවුද කියලා ඔයා දන්නේ නෑ.මම එයා ගැන හැමදේම දන්නවා මැණික.ඔයා අස්විදට රැවටිලා"


"තමුසේ තව එක වචනයක්වත් අස්විදට විරුද්ධව කතා කරන්න එපා""ඔයාට මාව විශ්වාස නැද්ද නංගී"


"නෑ විශ්වාස නෑ.තමුසෙගේ ඉරිසියාව.මම අස්විදව අත ඇරලා තමුසේ වගේ හිගන්නෙක් බැදගනියි කියලා හිතුවද?තමුසෙට වැරදිලා"


කෙල්ල ඇළ ගාවින් නැගිට ගෙදර යන්න හැරෙනවාත් සමගම කොල්ලා නැවතත් කටහඩ අවදි කළේ යම් දෙයක් ඇයට කීමට ඇති බැවිනි.


"පොඩ්ඩක් ඉන්න...නංගී මම ලබන සතියේ සදුදා රට යනවා.ඔයාලා පරිස්සමින් ඉන්න ✋ "


"ඉතිං රට බැරිනම් ඕන තුත්තුකුඩියක යනවා මට මොකද?කොල්ලා ඇස්වල කදුලු කැට හිරකරන් සිටියේ කෙල්ල ඉදිරියේ අඩන්නට බැරි කමටය.


"තමුසේ ඔය පොඩි Salary වලට අනුන්ගේ කුණු වැඩ කරන්න රට යන වේලේ කැමතිනම් කියනවා අස්විදට කියලා හොද ජොබ් එකක් හොයලා දෙන්නම්"😉


රන්දිය මුකුත් නොකියා එතනින් ගියේ කුණු වැඩ කරන්නෙ කවුද කියා හොදින් දන්නා නිසාවෙන් ය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


📞"Hello Gd mrning හිමු"

📞"Gd mrning"

📞"අද අපි office යන් නෑ.මට ඔයාව Meet වෙන්න ඕනේ.9.30 වෙද්දී ලැස්තිවෙලා ඉන්න මම එන්නම් ඔයාව ගන්න"


අස්විද සහ හිමායාගේ ආදර කතන්දරය පටන් අරන් අවුරුදු 2ක් පමණ ගතවුණේ ඔවුන්ට නොදැනීමය.අස්විදගේ කාරය පැම්ණ නැවතුනේ සුවිසල් මාළිගාවක් ඉදිරියෙනි.එය තරු පහේ හොටලයක් විය.


"කොහෙද අස්විද අයියේ මේ.දිව්‍ය ලෝකේ වගේ"


මේ දිව්‍ය ලෝකය තුළ මේ පුංචි සුරංගනාවීගේ ජිවිතේ අපායක් වෙයි කියලා කෙල්ල මොහොතකටවත් සිතුවේ නෑ.අවුරුදු 23ක් පුරාවට රැකගෙන ආ පතිවත මේ දිව්‍ය ලෝකය තුළදීම අස්විදට පුදන්නට හිමායාට සිදුවිය.පුලුවන් සෑම අවස්ථාවකම හිමායාගෙන් ඔහු ඕනැ එපාකම් ඉටු කරගත්තේය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


උඹ මොකක්ද බං මේ කරගත්තු වින්නැහිය.උඹගේ තාත්තත් නැතුව උඹව හදාගෙන මේ ගමේ නම්බුකාර විදියට ජිවත් උනා.තෝ මගේ මූණේ දැලි ගෑවා."


මට ස.මා..වෙ.න්.න අම්මේ"කෙල්ල හඩමින් කිව්වාය.


"සමාව...දෙනවා තොට මං සමාව.තෝ මාව කෑවනම් මීට වඩා හොදයි බං"


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"අනේ අස්විද අයියේ මේ දරුවා ඔයාගේ දෙයියනේ"


"පිස්සුද ගෑණියේ.මම දැන් කී පාරක් කිව්වද වද දෙන්න එපා කියලා.තෝ කොහොමද එහෙම කියන්නේ ඔය ළමයා මගේමයි කියලා.මේක හොදට අහගනින් උඹ මට ආපහු කරදර කරන්න එපා.එහෙම වුනොත් තොගේ අර ලස්සන Photo ටික වටේ යවලා පාරේ බැහැලා යන්නත් නැති කරනවා.තියපං phone එක."

හිමායාට රන්දිය කියපු සියල්ල මැවි මැවී පෙනෙන්නට විය.හිමායාගේ කුස ටිකෙන් ටික ඉදිරියට නෙරා එන්නට විය.ඔය අතරතුරදී රන්දිය ලංකාවටද පැමිණියේය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


"රන්දිය අයියේ ඔයා....මේ කාරෙක.."කෙල්ලට වචන පවා අමතක විය.


"ඔව් හිමායා.."


"රන්දිය පුතා..කවද්ද ආවේ පුතේ.ඇස්වහක් නෑ.කොල්ලගේ ලස්සන.දෙයියන්ගේ පිහිටයි"


"හිමායා දැන් අම්මා කෙනෙක් වෙලා වගේ නේද නැන්දේ.කෝ අස්විද"කෙල්ලගේ මුහුණ පරවුණේ ඇයටත් නොදැනීමය.


අම්මා හිමායාට සිදුවූ සියලු විස්තර රන්දියට පැවසුවාය.


"මට සමාවෙන්න රන්දිය අයියේ."


"සමාව ඉල්ලන අවශ්‍ය නෑ හිමායා.මම ඔයාට ඉස්සර වගේම තවමත් ආදරෙයි හිමායා..මට මේ දරුවව වැඩි නෑ."


"රන්දිය අයියේ...කෙල්ල දුවගෙන ඇවිත් රන්දියව බදාගත්තේ පුංචි මුවැත්තියක් මෙන්ය.


🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷


රන්දිය දැන් පුංචි හුරතල් දෝණියෙක්ගේ පියෙක් වගේම ආදරණීය සැමියෙකි.මේ දෙදෙනාව රන්දිය ඇස් දෙක වගේ බලාගනියි.


අස්විද කරපු පව් ටිකෙන් ටික ඔහුට පලදෙන්නට විය..මේ වන විටත් අස්විද ඒඩ්ස් රෝගයට ගොදුරු වී සිටින්නෙක් බවට පත් වී අවසන්ය.


අස්විද කරපු පව් හොදගන්න බෙල්ලන්විල පන්සලට ගිය අවස්ථාවේ ඔහුගේ සිත කලබල වූයේ හිමායා දැකීමෙන්ය.ගසක් යට වාඩි වී හිමායා සහ රන්දිය හුරතල් කරමින් සිටි දරුවා දෙස බලා අස්විද එතැනින් ඉක්මනින් පිට වී ගියේ තවත් එතැන රැදී සිටීමට නොහැකි නිසාවෙනි.


‼️ නිමි ‼️


උපුටා ගැනීමකි.


Comments

Popular posts from this blog

නව කතා එකතුවකී

FB ආදර කථා