සැබෑ ආදරයට සිමා මායිම් නොමැති බව ඔප්පු කෙරූ ආදර කතා 10ක්

 ඔබ ඇත්තෙන්ම කෙනෙකුට ආදරය කරනවානම් ඇයව/ඔහුව ඔබට නිරන්තරයෙන්ම ලස්සනටයි පෙනෙන්නේ. එයා ඔබේ එහා පැත්තෙන් කොන්ඩේ අවුල් කරගෙන කෙල පෙරාගෙන නිදියගෙන ඉන්නවා දැක්කත් ඒකේ වෙනසක් නෑ. කාලයත් එක්ක නැතිවෙලා යන සබඳතා වාගේ නෙවෙයි;” සැබෑ ආදරය” ඔබ බාධක වලට මුහුණ දෙන වාරයක් පාසා ශක්තිමත් වෙනවා;අලුත් වෙනවා. මේ ගැන ඔප්පු කරන්න අපට විද්‍යාත්මක සිද්ධාන්ත නැති වුණත් , කාලායගේ පරීක්ෂණයෙන් සමත් වී , එකිනෙකාව ආරක්ෂා කරගනිමින් ඒ අය වෙනුවෙන් පෙනී සිටිමින්,මේ කාරණව සත්‍යක් යයි ඔප්පු කල පෙම්වතුන් අපේ සමාජයේ සිටිනවා. සැබෑ ආදරය ගැන කතාකරද්දී ලෝකයේ ඒවගේ ලස්සන ආදර කතාවක් තියෙන පෙම්වතුන් කිහිප දෙනෙකු ගැන ඔයාලට කියන්න ඕන කියල අපි හිතුවා.

පහත නම clike කර වැඩි විස්තර ලබා ගන්න


1. “Little_People-Big_World_Star” යන ඇමෙරිකානු වැඩසටහන හරහා ටෙලිවිෂන් තරුවක් වූ Amy විසින් Chris_Marek සමඟ පෙම් සඹඳතාව අරඹන විටත් ඇය සිවු දරු මවක් මෙන්ම මුණුපුරන්. දෙදෙනෙකුගේ මිත්තණියක් ද වූවාය. වසර 3 කට වඩා වැඩි කාලයක් පැවති මෙම පෙම් සබඳතාවය අවසානයේ දී ක්‍රිස් ඇයව පුදුමයට පත් කරවමින් ඇයට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ වන විටත් 52 හැවිරිදි වියේ පසු වු ඒමි මෙම යෝජනාවට ඇයගේ කැමැත්ත ලබා දුන්නාය. යලිත් වතාවක් ඇයගේ ජීවිතයට ආදරයක් හිමි වේ යයි ඇය නොසිතූ බව ඇය කීවාය. නමුත්, ඇයට එබඳු ආදරයක් යලි මුණගැසුණි. ක්‍රිස් ආදරයෙන් බැඳුනේ මේ ලස්සන කාන්තාව සමඟයි, එහිදී ඔහුට ඇයගේ උස ගැන ගැටලුවක් ඇති වුණේ නැහැ. මේ වසරේදී ඔවුන් දෙපල විවාහ ජීවිතයට එලඹීමට බලාපොරොත්තුවෙන් සිටිති.




2. Turia සහා Michael ආදරයෙන් බැඳුනේ උසස් පාසලේදීය. ඇය රැකියාව කරන අතරේ බරපතල පිළිස්සුම් අනතුරකට භාජනය වූවාය. ඒ හේතුවෙන් ඇයගේ සිරුරෙන් 65% ක් පමණ අවාසනාවන්ත ලෙස පිළිස්සීමට ලක් විය. තුවාල කෙතරම් දරුණූ වීද යත් වෛද්‍යවරුන් ඇයට ජීවත් වීමට වාසනාව තිබේදයි සැක සිතුවෝය. Michael තම රැකියාවෙන් ඉවත් වී Turia සනීප වන තුරු ඈ ලඟින් හිඳ සත්කාර ප්‍රතිකාර සිදු කළේය. අද වන විට ඔවුන් විවාහවී සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ඔවුන්ට දරුවන් 2 නෙකු සිටිති.




3. මෙය බොහෝ දෙනෙකු නොදන්නා කතාවක්. Priyanka මුණගැසීමටත් පෙර සිටම Nick ඇයගේ ප්‍රේක්ෂකයෙකු වීය. “Quantico” කතා මාලාවේ තරුවක් වන Graham Rogers ට කෙටි පණිවිඩ යොමුකරමින්, ඇය ඉතා ආකර්ෂණීය බවත් ඇයට ප්‍රිය කරන බවත් පවසා Nick පවසා ඇත. ටික කලකට පසු, පළමු පියවර තබමින් ඔහුට ප්‍රියංකා සමඟ කතා කිරීමට අවස්ථාවක් හිමිවිය. මාස කිහිපයක සමීප ආශ්‍රයකින් අනතුරුව දෙදෙනා විවාහ ජීවිතයට එලඹුනහ. එහිදී, ඔවුන්ගේ වෙනස් පවුල් පසුබිම් හෝ ඔවුන්ගේ වසර 10 ක් පමණ වන වයස් පරතරය ඔවුන්ට කිසිසේත් බාධාවක් නොවීය.




4. Taylor Hanson හා Natalie විවාහ ජීවිතයට එලඹෙන විට ඔහුගේ වයස අවුරුදු 19 ක් වූ අතර ඇයට වයස අවුරුදු 18 ක් විය. ඉතාම ලාබාල වයසකින් විවාහ ජීවිතයට ඇතුල් වීම ක්ෂේත්‍රයේ දිගු කලක් සාර්ථකව රැඳිමට බාධාවක් ලෙස පිළිගැණුනු මතයක් විය. ඇමෙරිකානූ ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන Hanson හට ඒ සැමටම වඩා වැදගත් වූයේ ඔහුගේ එකම ආදරයයි. මේ යුවල අදටත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටින අතර ඔවුන්ට දරුවන් 6 දෙනෙකු සිටිති.


5. Hugh_Jackman සහා Deborra Lee Furness දෙපල විවාහ වී මේ වන විට වසර 24 ක් සපිරී ඇත. 1995 වසරෙදී ඔවුන් එකිනෙකා පළමුවෙන්ම හමුවූයේ එක් දර්ශණ තලයකදීය, ඉතිරි කතාන්දරය ඉතිහාසය මෙන් සැවොම දනිති. නමුත්, බොහෝ දෙනෙකු නොදන්න කාරණාව වන්නේ ඔවුන් ගේ සබඳතාවය පුරාවටම ඔවුන්ට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවීමයි. මුල්කාලයේදී වඳ බාවය නිසා ඔවුන් පීඩා වින්දෝය. පසුව Deborra විසින් දෙවතාවක් ගබ්සා වීමට ලක් වුණාය. 2013 වර්ෂයේදී Hugh අවාසනාවන්ත ලෙස සමේ පිළිකාවකට ගොදුරු වීය. ඉතින් මේ කාලය පුරාවටම ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ රැ‍ඳෙමින් තවමත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින් සිටිති.




6. වසර 25 ක් පමණ වයස් පරතරයක් ඇති ඔස්කාර් සම්මානලාභී Michael සහා Catherine දෙදෙනා එකිනෙකා හා ආදරයෙන් බැ‍ඳෙනු ඇතැයි කිසිවෙකු නොසිතූහ. නමුත්, දෛවය එසේ වීමට ඉඩ සැලැස්වීය.ඔවුන් දෙදෙනා මුණගැසී තිබුණේ රාත්‍රී ප්‍රිය සම්භාෂණයකදීය. එය “Zorro’ චිත්‍රපටියේ මුහුරත් උළෙල වීය. සාදය පුරාවටම Michael ගේ ඇස යොමු වී තිබුණේ ඇය වෙතටය. ඔහු විසින් “තමන් ඇයගේ දරුවන්ගේ පියා වීමට සූදානම් ” බව වරක් ඇයට පවසා ඇත. 2000 වසරෙදී, ඔවුන් දෙදෙනා විවාහ වු අතර,පවුල් ආරවුල්, සෞඛ්‍යය ගැටලු හා කෙටි කාලීන වෙන්වීම ආදී සිදුවීම් ඔස්සේ ගලාගිය ඔවුන්ගේ ආදර කතාව ආදරයේ සංකේතය ලෙසින් පසුගිය වසර 20 පුරාවට වඩාත් ප්‍රචලිතව පැවතිණි.




7. “Game of Thrones” නම් ලෝකප්‍රසිද්ධ කතාමාලාව ඔස්සේ Tyrion Lannister ගේ චරිතය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වූ Peter Dinklage ට 15 හැවිරිදි වූ ඔහුගේ බිරිඳව මුළින්ම මුණගැසුණේ 2002 දීය. ඔවුන්ගේ ආදර සබඳතාවය අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියට පත් වීම හා බොහෝ දෙනාගේ අවධානයට ලක් වීම වැළැක්වීම සඳහා ඔවුන් දෙදෙනා හොර රහසේම ලාස් වේගාස් වෙතට පලාගොස් විවාහ වීය. පුවත් මවන අනෙක් සුපිරි තරු මෙන් නොව , ඔවුන් දෙදෙනා තම පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රසිද්ධ නොකිරීමට කටයුතු කරමින් සිටිති. ප්‍රසිද්ධියේ ඔවුන් දෙපලව දැකියහැකි සෑම අවස්ථාවකදීම ඔවුන් එකිනෙකාගේ අත් පටලාගෙන සිටිනු දැකිය හැකියි. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ වෘත්තීය ජීවිත සඳහා උදවු කරගනිමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටිති.ඔවුන්ට දරුවන් දෙදෙනෙකු වෙති. ඉතින් ඔවුන්ගේ ආදර කතාවෙන් පෙනී යන්නේ උස යනු අංකයක් පමණයි යන්නයි! .




8. John හට Kelly හමුවන විටත් ඇය විවාහක කාන්තාවක් වූවාය. ඔවුන් දෙදෙනා දක්ශ ඇමෙරිකානු රංගනශිල්පීන් දෙපලකි. ඔහු ඇයගේ සුන්දරත්වයට වශී වූයේය. මුල් කාලයේදී Kelly ඔහු කෙරෙහි එතරම් උනන්දු නොවූවාය. මේ කාලයේදි ඇයට දික්කසාදය ලබා ගැනීමට හැකිවූ අතර යම් කාලයක් ඈ තනිවම ගත කළාය. වසර 2 කට පසුව, ඔවුන් දෙදෙනා සමීපව ආශ්‍රය කිරීමට ටන් ගත් අතර ඉන් අනතුරුව විවාහ වීය. ඔවුන්ගේ පළමු දරුවා අවුරුදු 16 දී Kawasaki Syndrome නම් රෝගයෙන් පීඩා විඳ අවාසනාවන්ත ලෙස මිය යන්නට විය. මේ සිදුවීම ඔවුන්ට දැඩි ලෙස බලපෑ නමුත් ඔවුන් දෙදෙන එකිනෙකාව අතහැර ගත්තේ නැත. අද වන විට ඔවුන් විවාග වී වසර 28 ක පමර සපිරී ඇත. 2020 ජූලි 12 වනදා පියයුරු පිළිකාවකින් පීඩා විඳිමින් සිටි Kelly අවාසනාවන්ත ලෙස මියගියාය.

9. Brian අසාමාන්‍ය රෝගී තත්වයක් වන Proteus syndrome හේතුවෙන් පීඩා විඳිමින් සිටියි. එහි බලපෑමක් ලෙස ඔහුගේ අස්ථි නොනවත්වා වර්ධනය වේ.ඔහුට ඔහුගේ බිරිඳ Angie හමු වී ඇත්තේ online dating ක්‍රමවේදය හරහාය. ඇය ඔහුව පිලිගත්තාය. ඇය ඔහුට පවසා ඇත්තේ ඔහුගේ රෝගී තත්වය ඇයව කිසිසේත් බියට පත් නොකරන බවත්, ඇය ඔහුගේ පෙනුම ගැන නොතකන බවත්ය. Brian ඇය හමුවීමට පෙර ඉතා දුකින් කල් ගත කර තිබෙන අතර එයට හේතුව වන්නේ ඔහුට කිසි දිනෙක ආදරයක් නොලැබෙනු ඇතැයි ඔහු බියට පත් වූ නිසා බව ඔහු කියයි. නමුත් Angie ඔහුගෙ මුලු ලෝකයම වෙනස් කළාය.


10. සතුට ඔබ වෙත එන්නේ Package එකක් විදියටයි කියලා Katyucia Lie Hoshino සහා Paulo Gabriel da Silva යන දෙදෙනාගේ කතාවෙන් ඔබට වැටහේවි. 2016 දී විවාහ පත් වූ මේ යුවලට “ලොව කොටම යුවල” ලෙස ගිනස් වාර්ථාවක් හිමි වූයේ ඔවුන් දෙදෙනාටම ඉමහත් සතුටක් අත් කර දෙමිනි. Paulo උසින් අඟල් 35.54 ක් වන අතර ඔහුගේ බිරිඳ Katyucia උසින් අඟල් 35.88 කි. කෙසේ නමුත්, ඔවුන් අතර ඇති ආදරය නම් මැනිය නොහැකි තරම් විශාල බව කිව යුතුමය.



ඔබටත් ඔබේ සැබෑ ආදරය හමු වුණාද? ඔබ දෙදෙනා හමුවුණේ කෙසේද? ඔබේ ආදර කතාව පහතින් comment කර අපිටත් කියන්න.

Comments

Popular posts from this blog

නව කතා එකතුවකී

සදු මැනික

FB ආදර කථා